සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් ලබන මාර්තු 2 වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.
සිය සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා රජය මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
රෝගී ජනතාවට අවම අපහසුතාවයක් ඇති වන ආකාරයෙන් මෙම ක්‍රියාමාර්ග සිදු කරන බවත්, ජනතාව අපහසුතාවයට පත් කිරීම සංගමයේ අරමුණ නොවන බවත් වෛද්‍ය වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
තම සංගමය මෙම ගැටලුව සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලීභාවයෙන් කටයුතු කළද, ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව රජය සාර්ථක ප්‍රතිචාරයක් ලබා නොදීම කනගාටුවට කරුණක් බවද ඔහු අවධාරණය කළේය.











Leave a Reply