ගම්පහ අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුසලතා වැඩමුළු

ගම්පහ අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුසලතා වැඩමුළු

ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් උපදේශන ගුරුවරුන් 50 දෙනෙකු සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කුසලතා සංවර්ධන වැඩමුළුවක් තෙදින පුරා යක්කල මහවිට මානව සම්පත් සංවර්ධන ආයතනයේදී පවතින ලදි.

මෙම වැඩසටහන ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාක්ෂ හිමාලි රණසිංහ මහත්මියන්ගේ මූලිකත්වයෙන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සංවිධානයෙන් පැවැත්වී ඇත.

දේශන දායකත්වය

මෙම වැඩමුළුව සඳහා දේශන ලබා දුන්වන්:

  • සුපුන් උදාන – සහකාර, මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු
  • දිල්හාරා වරාගොඩ – සහකාර නිලධාරී, මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු
  • ප්‍රියදර්ශනී රත්නායක – මත්ද්‍රව්‍ය අධ්‍යාපන නිලධාරී
  • සෙව්වන්දි ජයකොඩි – මත්ද්‍රව්‍ය අධ්‍යාපන නිලධාරී

සම්බන්ධීකරණය

වැඩමුළුවේ සම්බන්ධීකරණය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මිය විසින් සිදු කළ අතර, බියගම ප්‍රා.ලේ. කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරි නිමේෂා ගමගේ මහත්මියද මෙම අවස්ථාවට සහයෝගය ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media