ගම්පහ බුත්පිටියේ ඩීසල් ලීටර් 400ක් සඟවා තබාගත් ව්‍යාපාරිකයෙක් STF අත්අඩංගුවට

ගම්පහ බුත්පිටියේ ඩීසල් ලීටර් 400ක් සඟවා තබාගත් ව්‍යාපාරිකයෙක් STF අත්අඩංගුවට

ගම්පහ බුත්පිටිය ප්‍රදේශයේ ඩීසල් ලීටර් 400ක් නීතිවිරෝධී ලෙස සඟවාගෙන සිටි ව්‍යාපාරිකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මේ අතර, සාමාන්‍ය නිවාඩු දිනයක් වූ ඊයේ (02) දිනයේදී ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් ලක්ෂ 95කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් ලීටර් ලක්ෂ 84කට වැඩි තොගයක් දිවයින පුරා නිකුත් කර බෙදාහැර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇති බැවින් අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙසද එම සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දෛනික නිකුත් කිරීම් සීමාව ඉක්මවා ඉන්ධන තොග නිකුත් කිරීම අද පස්වරුව වන විට සිදුකර ඇති බවද සඳහන් වේ.

ඉන්ධන අනවශ්‍ය ලෙස රැස්කර තබාගැනීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ත්‍රිවිධ හමුදා සහාය ද සහිත විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media