රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදී ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. එය සැලකිල්ලට ගනිමින් ඩෙංගු පාලනය සඳහා විශේෂ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ජාතික ඩෙංගු පාලන ඒකකය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටී.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ, වර්ෂාවෙන් පසු රටට මුහුණ දීමට සිදුවන විශාලතම සෞඛ්‍ය ව්‍යසනයක් ලෙස ඩෙංගු වසංගතය හැඳින්විය හැකි බවයි.
ඩෙංගු රෝගය හැකි තාක් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සියලු පියවර ගනිමින් සිටින බවත්, ජනතාවගේ සක්‍රීය සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ මාර්ගෝපදේශ අනුව මෙම ඩෙංගු පාලන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහලේකම් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා ද සඳහන් කළේය.











Leave a Reply