නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග මිනුවන්ගොඩ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග මිනුවන්ගොඩ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම නීති විරෝධී මත්පැන් තොගය රේගු නීති උල්ලංඝනය කරමින් රට තුළට රැගෙන ඒමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුව සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media