දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම දකුණු පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවද නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.











Leave a Reply