කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර පළාතෙත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දන්වා ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, අප්‍රේල් 05 සිට 15 දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින අතර, අද (06) දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.











Leave a Reply