“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ, “පිරිසිදු වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාවෙන් මෙරට වෙරළ තීර පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ජූලි 29 වැනිදා ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ සමාජ වගවීම, පරිසර සංරක්ෂණය සහ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙය සංවිධානය කරනු ලබන අතර දිවයින පුරා දිස්ත්‍රික් 14ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258ක් පිරිසිදු කෙරෙනු ඇත.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන ලෙස මීගමුව වෙරළ තීරය, “බ්‍රවුන්ස් බීච්” අසලින් පෙරවරු 7.00 ට ආරම්භ වේ.
මෙහිදී මීගමුව කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා කිලෝමීටර 9.1ක් පිරිසිදු කිරීමට කණ්ඩායම් 12ක් යොදවනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා,
- ජනාධිපති කාර්යාලය
- ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
- මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- සමුද්‍රීය පරිසර අධිකාරිය
- වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- පරිසර හා ප්‍රජා සංවිධාන
- මීගමුව මහ නගර සභාව
- සංචාරක හෝටල් සංගමය
- වෙළඳ සංගමය
- රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන
- මහජනතාව
යුද හමුදාව සමඟ සම්බන්ධව මෙයට සහය දැක්වීමට නියමිතය.











Leave a Reply