2025 ජූලි 25 වන දින උදෑසන මහබාගේ පොලිස් වසමේ අඩි 20 පාර ප්‍රදේශයේදී මහබාගේ පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී, ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 180ක් පමණ අයිස් මත්ද්‍රව්‍යය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන වලින් අනාවරණය වුණේ, ඔහු මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ දේපල සොරකම් 07කටත්, කඳාන පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ මුදල් සහ දේපල සොරකම් 04කටත් සම්බන්ධ සැකකරුවෙකු බවය.
පොලිසිය මෙසේ සෙවූ දේපල අතරින් විදේශ මත්පැන් බෝතල් 12ක්, ලැප්ටොප් පරිඝණකයක්, අත් ඔර්ලෝසු 06ක්, රන් කැබලි 02ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු වටිනා දේපල රැසක් සොයාගෙන ඇත.
මහබාගේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.











Leave a Reply