පීඩන අවපාතය දුර්වල වෙයි – අද සිට කාලගුණ බලපෑම අඩුවීමට ඉඩ

පීඩන අවපාතය දුර්වල වෙයි – අද සිට කාලගුණ බලපෑම අඩුවීමට ඉඩ

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වනවිට දුර්වල වී ඇති බැවින්, අද (11) සිට එම පද්ධතියෙන් දිවයිනේ කාලගුණයට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමට නියමිතය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු සහ වයඹ පළාත්වල, එසේම මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට පැ.කි.මී. 30 – 40 දක්වා වන තරමක් තද සුළං හමන බවද අනාවරණය කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media