බස්නාහිර ඇතුළු පළාත්වලට තද වැසි හා සුළි කුණාටු අවදානම – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

බස්නාහිර ඇතුළු පළාත්වලට තද වැසි හා සුළි කුණාටු අවදානම – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් අද (25) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි පවා ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුවද විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 40-50 ක තද සුළං හමනු ඇති බව ද අධිකාරිය සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අකුණු හා තාවකාලික තද සුළං වලින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටී.

මෙම තත්ත්වය සම්බන්ධව වැඩිදුර විස්තරද නිකුත් කරමින් දෙපාර්තමේන්තුව පවසන්නේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් සිටින බවයි.

2025 ඔක්තෝබර් 25 වන දින පෙ.ව. 5.00 ට, එම අඩු පීඩන කලාපය මඩකලපුවේ සිට කිලෝමීටර් 850 ක් පමණ දුරින් පිහිටා තිබුණා.

ඒ අනුව, මෙම පද්ධතිය අද (25) දිනයේදී පීඩන අවපාතයක් දක්වා, ඔක්තෝබර් 26 වන දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා, සහ ඔක්තෝබර් 27 වන දින සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media