ගුරුභවතුන්, මවුපියන් සහ සම්පත් දායකයින් ඇගයීමේ උපහාර උළෙලක්
බියගම ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයට වසර 82ක් පිරීම නිමිත්තෙන් ශීල භාවනා වැඩසටහනක්, අධිෂ්ඨාන පූජාවක් සහ ගුරුභවතුන්, මවුපියන් හා සම්පත් දායකයින් ඇගයීමේ උපහාර උළෙලක් පසුගියදා (14) එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම උපහාර උළෙලේදී 2010 වසරේ සිට 2026 වසර දක්වා විද්‍යාලයේ සේවය කළ ගුරුභවතුන්ට මෙන්ම විද්‍යාලයේ සංවර්ධනය වෙනුවෙන් කැපවූ මවුපියන් සහ සම්පත් දායකයින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
අධිෂ්ඨාන පූජාව සියඹලාපේ ශ්‍රී නාගවනාරාමාධිපති ශාස්ත්‍රවේදී පරගම්මන අමරකිත්ති හිමියන් විසින් මෙහෙයවනු ලැබූ අතර, ඇගයීමේ උළෙල කැලණිය කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා සජීවි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විද්‍යාලයේ විදුහල්පති අතුල එස්. කොරතොට මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.











Leave a Reply