මාර්තු 12 සිට ලිට්‍රෝ ගෑස් වැඩි තොග වෙළෙඳපොළට – ගෑස් හිඟයට ඉක්මන් විසඳුම්

මාර්තු 12 සිට ලිට්‍රෝ ගෑස් වැඩි තොග වෙළෙඳපොළට – ගෑස් හිඟයට ඉක්මන් විසඳුම්

වසන්ත සමරසිංහ මහතා පවසන්නේ එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉකුත් දින කිහිපයේ මෙන්ම ඊයේදිනත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක් දක්නට ලැබුණු අතර, ලාෆ්ස් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින් මැසිවිලි නගා ඇත. ඇතැම් ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැඳී සිටිනු ද දක්නට ලැබුණි.

මෙම තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කළ ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ, අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති බවයි. ඒ අනුව පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද සමාගම නිවේදනය කර ඇත.

මෙවන් පසුබිමක අද උදෑසන වන විට ප්‍රදේශ කිහිපයකට නව ගෑස් තොග ලැබී තිබූ බවද වාර්තා වේ.

මෙ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කර ඇත්තේ පෙබරවාරි 26 වනිදා සිට ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට අදාළ සමාගම දැනුම්දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media