රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපළ අපරාධ රැසක් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන මගින් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 210ක් ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන මීරිගම, කිතුල්වල ඉහළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල සිදු වූ රන්මාල කොල්ලකෑම් සහ දේපළ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවයි.
එමෙන්ම මෙම අපරාධ සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරෙන යතුරුපැදියක්, කඩුවක් සහ කොල්ලකන ලද රන්මාලවලට අදාළ රන්ගුලි 09ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 16 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.











Leave a Reply