රු. කෝටි 6.4ක “කුෂ්” සමඟ විදේශීය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

රු. කෝටි 6.4ක “කුෂ්” සමඟ විදේශීය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් රුපියල් හය කෝටි හතලිස් ලක්ෂ දස දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය ගුවන් මගීන් දෙදෙනෙකු අද (20) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ඉන්දුනීසියානු ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන අතර, පිරිමි පුද්ගලයා 22 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.

ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නගරයෙන් මිළදී ගෙන, ඉන්දියාවේ බැංගලෝර් නගරය හරහා IndiGo ගුවන් සේවයේ 6E-1183 ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් රැගෙන ආ ගමන් මලු දෙක තුළ පැකට් 05ක් ලෙස සකස් කර තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 401ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media