විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් පූගොඩ ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක්

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් පූගොඩ ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලයේ දැනුවත් කිරීමේ වැඩසටහනක්

දෙමාපියන්ට මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමක්

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව පූගොඩ, ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (06) එම විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන සමාජ හා සෞඛ්‍ය අවදානම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම සිදුකළ අතර, දරුවන් මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන්ගේ භූමිකාව පිළිබඳවද අවධානය යොමු කර ඇත.

මෙම අවස්ථාවට පුනරුත්ථාපන කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් මංජුල කොස්තා මහතාද සහභාගී වී තිබේ.

එමෙන්ම දොම්පෙ ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය කේ.ජී.කේ.සී. කාරියවසම් මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media