හෙට (23) උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.
නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමය සඳහන් කරයි.
කෙසේ වෙතත්, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරයි.
අත්‍යවශ්‍ය රෝගී සේවාවන් සඳහා හැකි උපරිම සහය ලබාදීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.











Leave a Reply