140 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය නිමිති කරගෙන කටුනායක නිදහස් වෙළඳ කලාපය කේන්ද්‍ර කරගනිමින් කම්කරු සංවිධාන කිහිපයක් එක්වී විශාල පෙළපාලියක් සහ රැළියක් ඊයේ (01/05/2026) පෙරවරුවේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ශ්රමාභිමාණී කේන්ද්‍රය, ඩාබිඳු සමූහිකය, ප්‍රජා දිරිය පදනම, රෙඩ් සංවිධානය, ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය, නිමි භාණ්ඩ ඇඟලුම් සහ රෙදිපිළි සේවක සංගමය, පුරවැසි කමිටුව සහ අපි කාන්තාවෝ සංවිධානය ඇතුළු කම්කරු හා සිවිල් සංවිධාන ඒකාබද්ධවය.
පෙළපාලිය කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයහි 18 කනුව ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී ගුවන්තොටුපළ මාවත ඔස්සේ බෝධිරතනාරාම විහාරස්ථානය ආසන්නයේ පැවති රැළි ස්ථානය වෙත ගමන් කළේය.
මෙම අවස්ථාවට විවිධ කම්කරු සංවිධාන නියෝජනය කරන සේවිකාවන් විශාල පිරිසක් සහභාගී වූ අතර, විශේෂයෙන් බියගම, කොග්ගල නිදහස් වෙළඳ කලාපවල සේවය කරන කාන්තාවන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කම්කරු වෘත්තියේ නියැලෙන පිරිසක් උද්යෝගයෙන් එක්ව සිටියහ.
පසුව පැවති රැළියේදී සංවිධාන නියෝජිත නායිකාවන් විසින් කම්කරු අයිතිවාසිකම්, සේවක ආරක්ෂාව සහ සමාජ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් අදහස් දක්වමින් රැළිය අමතනු ලැබීය.
සටහන: තුෂාර රෝහන් ප්‍රනාන්දු











Leave a Reply