,

රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය නියෝජ්‍ය අමාත්‍ය නිරීක්ෂණයට – ආබාධ සහිත දරුවන්ට සේවා ශක්තිමත් කිරීමට අවධානය

රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය නියෝජ්‍ය අමාත්‍ය නිරීක්ෂණයට – ආබාධ සහිත දරුවන්ට සේවා ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වූ ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හඳුන්වන Ayati National Centre for Children with Disabilities පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

රාගම ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානය මගින් විශේෂ අවශ්‍යතා සහිත සහ ආබාධිත දරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනුව විවිධ අංශ යටතේ ප්‍රතිකාර සහ මඟපෙන්වීම් ලබාදීම සිදු කරයි.

චිකිත්සක සේවා, විශේෂිත ඒකක සහ දුරස්ථ වෛද්‍ය සේවාවන් (Tele-health) ඔස්සේ කථන හා භාෂා චිකිත්සාව, භෞත චිකිත්සාව, වෘත්තීය චිකිත්සාව, ශ්‍රවණ ප්‍රතිකාර (Audiology) සහ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් ඇතුළු සේවා රැසක් මෙහිදී සපයනු ලබයි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මධ්‍යස්ථානයේ සේවා සිදුකෙරෙන ආකාරය සහ පරිශ්‍රය නිරීක්ෂණය කරමින්, එහි පවතින ප්‍රධාන අවශ්‍යතා, ඉදිරි සැලසුම් සහ සේවා බලගැන්වීම පිළිබඳවද කරුණු විමසා බැලීය.

විශේෂයෙන් මධ්‍යස්ථානයේ මානව සම්පත ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔහුගේ අවධානය යොමු වූ අතර, ආබාධ සහිත දරුවන් සඳහා ලබාදෙන ප්‍රතිකාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී මහාචාර්ය සමන්මලී සුමනසේන මහත්මිය සඳහන් කළේ, මේ වන විට දරුවන් 16,000කට ආසන්න පිරිසක් මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති අතර, දිනකට දරුවන් 60 සිට 100 දක්වා ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සේවා ලබාගන්නා බවයි.

University of Kelaniya Faculty of Medicine පරිශ්‍රය තුළ අක්කර දෙකක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය, එම විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන හා සමාජ සේවා අමාත්‍යාංශයන්ගේ සහයෝගීතාවයෙන් සේවා සපයයි.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media