“මතින් තොර හරිතවත් දේශයක් සඳහා එක්සත්ව පෙළගැසෙමු” – වේයන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුමක්

“මතින් තොර හරිතවත් දේශයක් සඳහා එක්සත්ව පෙළගැසෙමු” – වේයන්ගොඩ කේන්ද්‍ර කර ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුමක්

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන යටතේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම අරමුණු කරගත් ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන අද (26) වේයන්ගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිසු දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබූ අතර, මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

වැඩසටහන යටතේ වේයන්ගොඩ දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ සහ වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව ජනතාව වෙත අත්පත්‍රිකා බෙදාදෙමින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු ද සිදු කෙරිණි.

මෙම ජාතික මෙහෙයුම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මූලිකත්වය ලබා දී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සහයෝගය ලබා දී තිබේ.

මේ අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ගම්පහ, මීගමුව, කැලණිය සහ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසවල පාසල්වල “මතින් තොර හරිතවත් දේශයක් සඳහා එක්සත්ව පෙළගැසෙමු!” යන තේමාව යටතේ පැළ රෝපණ වැඩසටහන් ද අද උදෑසන ක්‍රියාත්මක කෙරිණි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media