ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පමණක් ඊයේ (09) වන විට ඩෙංගු රෝගීන් 40 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.
ඩෙංගු මදුරු මර්දන වැඩසටහනට සමගාමීව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මගින් සිදුකළ විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී මදුරු කීටයන් බෝවන ස්ථාන රැසක් අනාවරණය වී තිබේ.
පෙරේදා (08) ගම්පහ නගරය ආශ්‍රිතව සිදුකළ පරීක්ෂාවකදී පරීක්ෂා කළ නිවාස සහ පරිශ්‍ර අතරින් ස්ථාන 18ක මදුරු කීටයන් හමුවී ඇති අතර, එම පරිශ්‍ර හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත. තවත් පරිශ්‍ර 80ක හිමිකරුවන්ට රතු නිවේදන නිකුත් කර තිබේ.
පරීක්ෂණවලදී රාජ්‍ය ආයතන සහ වාහන ගාල් කරන ස්ථාන ආශ්‍රිතව ද ඩෙංගු මදුරුවන් බෝවන පරිසර පවතින බව නිරීක්ෂණය වී ඇති අතර, ජනතාවගේ නොසැලකිලිමත්භාවය ඊට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඩෙංගු රෝගය මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බැවින් තම නිවස හා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.











Leave a Reply