මීගමුව, කටාන සහ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු රෝගීන් 60 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මීගමුව බන්ධනාගාරයෙන් පමණක් රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත සිරිවර්ධන මහතා සඳහන් කළේය.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අධිකරණ, රෝහල්, පාසල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ පුද්ගලික නිවාස ඇතුළු ස්ථාන රැසක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, බොහෝ ස්ථානවලින් මදුරු කීටයන් හමුවී ඇති බවද ඔහු පැවසීය.
එම ස්ථාන පිරිසිදු කර මදුරු බෝවන ස්ථාන විනාශ කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදී ඇති අතර, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මීගමුව රෝහල සහ අවට පාසල් ආශ්‍රිතව දුමායන කටයුතු ද සිදුකර තිබේ.
ඩෙංගු අවදානම ඉහළ යමින් පවතින බැවින් නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබාගෙන ජලය එකතු වන ස්ථාන ඉවත් කර මදුරු බෝවීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.











Leave a Reply