බියගම, හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරු දැරියන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ මත්ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිකිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මිය සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් මංජුල කොස්තා මහතා විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී.
මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිවිපාක, ඒවාට ගොදුරු වීමෙන් වැළකීමේ ක්‍රමවේද සහ යහපත් ජීවන රටාවක වැදගත්කම පිළිබඳව සිසු දරු දැරියන් දැනුවත් කෙරිණි.











Leave a Reply