කටාන පොලිස් වසමේ මහයායවත්ත සුසාන භූමිය අසල පිහිටි අතුරු මාර්ගයක මාන පඳුරක් යට සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 04ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම ගිනිඅවිය කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා සඟවා තිබුණේද යන්න පිළිබඳව කටාන පොලිස් ස්ථානය හා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.











Leave a Reply