ගංවතුරින් විපතට පත් වූවන් වෙනුවෙන් මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක්

ගංවතුරින් විපතට පත් වූවන් වෙනුවෙන් මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත හා අලාභයට පත්වූ පුද්ගලයන් සිහිකරමින්, මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පෙරේදා (10) පැවැත්වුණි.

මෙහිදී මියගිය අය වෙනුවෙන් මෝක්සුව ප්‍රාර්ථනා කිරීමත්, ගංවතුර සහ කාලගුණ අර්බුදය නිසා විපතට පත් වූ සියලු දෙනාට දේව ආශීර්වාද පතා දිව්‍ය පූජාව පැවැත්විණි.

මෙම විශේෂ ආශීර්වාද දේව මෙහෙය සංවිධානය කර තිබුණේ ශාන්ත මරියා දේවස්ථානය සහ ශාන්ත මරියා විද්‍යාලය සම්බන්ධයෙන් වෙයි. මෙහෙය පවත්වාගෙන ගියේ ශාන්ත මරියා මීසම් පාලක ශාන්ත සාගර හෙට්ටිආරච්චි, ඇන්ටනී නිෂාන්, තිළිණ සමිත් ඇතුළු සහායක පියතුමන් විසිනි.

දේවමෙහෙයට සහභාගි වූවන් අතර,

  • ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හා මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් තිලකරත්න,
  • මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද,
  • නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු,
  • මීගමුව නගර සභා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්,
  • දේවස්ථාන මීසම් බැතිමතුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

මෙහිදී විපතට පත් ප්‍රදේශවාසීන්ට සහ රටවාසී සියලු දෙනාට සාමය, ශාන්තිය, ආරක්ෂාව පතමින් දේවපාමුල ඉටි පහන් දැල්වීමේ අභිවාදන ක්‍රමයද සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media