ප්‍රදේශ රැසකට අදත් වැසි – ගිගුරුම් සහිත වැසි හා අකුණු පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

ප්‍රදේශ රැසකට අදත් වැසි – ගිගුරුම් සහිත වැසි හා අකුණු පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම ඌව පළාතේත් මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බවත්, අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media