රත්නාවලී බාලිකා විද්‍යාලයේ 79 වැනි සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ පින්කමක්

රත්නාවලී බාලිකා විද්‍යාලයේ 79 වැනි සංවත්සරය වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ පින්කමක්

ගම්පහ රත්නා­වලී බාලිකා විද්‍යාලයේ 79 වැනි සංවත්සරය නිමිත්තෙන් හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්‍රීමතාණන් සහ ඩී.ඩී. කරුණාරත්න මහතා ඇතුළු ආදි කතුන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමත්, සමස්ත රත්නාවලී ප්‍රජාවට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගනිමින් ආගමික පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණි.

ඒ අනුව පසුගිය (12) දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වූ අතර, (13) දින දහවල් මහා සංඝරත්නය හැත්තෑ නමක් විෂයෙහි සපිරි කර සංඝගත දක්ෂිණා පින්කමක් විද්‍යාලීය හේමා ජයවර්ධන ගෘහස්ථ ක්‍රීඩාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

විදුහල්පතිනි වසන්තා කුමාරි මහත්මියගේ මඟපෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාලීය බෞද්ධ සංගමය, ශිෂ්‍ය නායිකා මණ්ඩලය හා සිසු දියණියන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට අත්ත­න­ගල්ල රජ­මහා විහා­රා­ධි­පති, සීනාදි සිවු කෝර­ළයේ ප්‍රධාන සංඝ­නා­යක පන්නිල ආනන්ද, මහා බ්‍රිතා­න්‍යයේ ප්‍රධාන සංඝ­නා­යක හා ගම්පහ පහ­ළ­ගම විද්‍යා­ර­වින්ද පිරි­වෙන් විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති පහ­ළ­ගම සෝම­ර­තන, ගම්පහ ජාත්‍ය­න්තර සාම විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති හා බස්නා­හිර පළාත් අධි­ක­රණ සංඝ­නා­යක තලං­ගල්ලේ සෝම­සිරි යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

එමෙන්ම විදුහල්පතිනි වසන්තා කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාලීය සිසු දියණියන්, පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media