ජූලි 07: ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

2025 ජූලි 07 වැනි සඳුදා පෙරවරු 8.30 සිට පැය 12ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

🔹 ජල සැපයුම නවතාදමට හේතුව:
ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු නිසා බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය නොලැබීම.

🏙️ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:

  • නගර සභා බල ප්‍රදේශ:
    පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ:
    කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ

💧 ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල මණ්ඩලය කණගාටුව පළ කරමින්, ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media