ගම්පහ දිස්ත්‍රික් රත්නාවලි බාලිකා විද්‍යාලයේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ 3 වන ප්‍රථමාධාර ඒකකය සඳහා වූ විසිරයාමේ උත්සවය, ගරු ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබීය.
මෙම උත්සවය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ අතර, ශාන්ත ජෝන් ශිෂ්‍ය භට මානවිකාවන් 86ක් සඳහා නිල ලාංඡන පැළඳීම සහ සහතිකපත් ප්රදානය සිදු කෙරිණි.
🏅 ගෞරවය සහ ආදර්ශය එකම වේදිකාවක
මෙම උත්සවයට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ගම්පහ දිස්ත්‍රික් කොමසාරිස්
රුවන් සී. බාලසූරිය, විද්‍යාලයේ විදුහල්පතිනී වසන්තා කුමාරි මැතිණිය, රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරක නිලධාරිනී නිම්මි විජේසුරිය මැතිණිය, විදුහල් ආචාර්ය මණ්ඩලය සහ ආරාධිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.
අභියෝගයකට මුහුණ දෙන විට ද, ජීවිතය බේරා ගැනීමේ, සහන සැලසීමේ සහ සත්කාරක සේවයේ තීරනාත්මක භූමිකාවක් දැරිය හැකි ශිෂ්‍ය භටියක් බිහි කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ බවද උත්සවයේදී අවධාරණය කෙරිණි.











Leave a Reply