කටුනායක ගුවන්තොටුපොළේදී හෂීෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළේදී හෂීෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී හෂීෂ් සහ කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 30 සහ 34 වයස් කාණ්ඩවල පසුවන අතර, ඔවුන් හෙට්ටිමුල්ල සහ දංඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

වැටලීමේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 8ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 826ක් සොයාගෙන ඇත.

තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 968ක් සොයාගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 310ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 952ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම සහ ඒවා මෙරටට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකය විසින් සිදු කරනු ලබයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media