ඉහළ වර්ෂාපතනයන්: කැලණි, අත්තනගලු ජල මට්ටම ඉහළට

ඉහළ වර්ෂාපතනයන්: කැලණි, අත්තනගලු ජල මට්ටම ඉහළට

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කැලණි, අත්තනගලු ගංගාවල මිලිමීටර් 50 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ නමුත් ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බැවින්, කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ජනතාව විශේෂ සැලකිල්ලෙන් සිටිය යුතු බවත්, එම ප්‍රදේශවල ජනතාව ඉදිරියේදී ලැබෙන වර්ෂාපතන අනුව ගංවතුර තත්ත්වයන් පිළිබඳ දැනුවත් කළ යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media