,

කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් හමුදා නිලධාරියකු රන් බිස්කට් සමග අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් හමුදා නිලධාරියකු රන් බිස්කට් සමග අත්අඩංගුවට

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්ෂාව සඳහා අනුයුක්තව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියකු රුපියල් කෝටි දෙකක් වටිනා රන් බිස්කට් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) අලුයම 2.00ට පමණ මෙම අත්අඩංගුව සිදු කර ඇති අතර, සිරුරේ ඉන ප්‍රදේශයේ සඟවා ගත් බරැති ග්‍රෑම් 550 ක් සහිත රන් බිස්කට් 40 ක් සමග සැකකරු හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි, 37 හැවිරිදි, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වසරක සේවය කර ඇති කෝප්‍රල්වරයෙකි.

දැනට රේගු අධිකාරියේ අත්අඩංගුවේ තබා ඇති සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව රේගු අංශය පවසයි.

ඉහත සිද්ධියට සමානව පසුගිය සතියේද ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරියකු රුපියල් කෝටි 21කට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් පාදවල සඟවා ගෙන පිට කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media