අක්කර 3ක පමණ භූමි භාගයක පිහිටි වත්තල කෙරවලපිටිය කසළ අංගණයේ ඊයේ (26) පෙරවරු 9.00ට පමණ හදිසි ගින්නක් පැතිර ගිය බව වත්තල පොලීසිය පවසයි.
මෙම කසළ අංගණය කෙරවලපිටිය ප්‍රදේශයේ, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පිවිසුම ආසන්නයේ පිහිටි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට යාබදව ඇත.
හදිසියේ ඇතිවූ ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා දුම පැතිර ගොස් ඇති අතර, විශේෂයෙන් කොළඹ – කටුනායක මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා ඇතිවූ බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
මේ වසරේ පසුගිය මාස දෙක තුළ කෙරවලපිටිය ප්‍රදේශයෙන් හදිසි ගිනිගැනීම් හතරක් වාර්තා වී ඇති බවත් පොලීසිය පවසයි.
ගින්න ඇති වූ ස්ථානයට පේන දුරින් Litro Gas ගෑස් ගබඩා පර්යන්තයද පිහිටා ඇති අතර, කිලෝමීටර් දෙකක පමණ දුරින් කර්මාන්තශාලා හා ගබඩා රැසක්ද ඇති බව වාර්තා වේ.
මේ වන විට කොළඹ මහ නගර සභාව ගිනි නිවන ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ගින්න මර්දනය කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.











Leave a Reply