සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනවලට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමාත්තාගේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ බව කියන මෙම සැකකරු ඊයේ (25) රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.
ඒ අනුව, කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සම්බන්ධයෙන් සිදු කෙරෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.











Leave a Reply