ගම්පහ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීම : ආරක්ෂාව, සෞඛ්‍යය සහ පරිසරය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

ගම්පහ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීම : ආරක්ෂාව, සෞඛ්‍යය සහ පරිසරය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ අභිනවයෙන් පත් වූ නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභාපතිවරුන් සමඟ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (24) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා බස්නාහිර පළාත් ආණුඩුකාර හනීෆ් යුසුෆ් සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වය හිමිවිය.

🔹 ප්‍රධාන අවධානය යොමු කළේ:

  • දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය හා මත්ද්‍රව්‍ය නීවාරණය

  • ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාදාම සැලසුම්

  • රෝහල් කාර්ය මණ්ඩලය තුළ පුරප්පාඩු පිරවීම

  • පරිසර ගැටලු හා නව සංවර්ධන යෝජනා

  • පසුගිය රැස්වීම්වල තීන්දු තීරණවල ප්‍රගතිය

🔍 විශේෂ සලකා බැලූ මැතිවිමසුම්:

  • වේයන්ගොඩ කලගෙඩිහේන කසල කන්ද

  • මුතු රාජවෙල වගුරු බිම් ප්‍රදේශය වනෝද්‍යානයක් ලෙස නම් කිරීම

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන, පළාත් ප්‍රධාන ලේකම්, සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media