2025 ජූලි 07 වැනි සඳුදා පෙරවරු 8.30 සිට පැය 12ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
🔹 ජල සැපයුම නවතාදමට හේතුව:
ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු නිසා බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය නොලැබීම.
🏙️ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:
නගර සභා බල ප්‍රදේශ:
පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූවප්රාදේශීය සභා බල ප්‍රදේශ:
කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ, ගම්පහ
💧 ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල මණ්ඩලය කණගාටුව පළ කරමින්, ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.











Leave a Reply