,

ඩෙංගු අවදානම හමුවේ ජුනි 8, 9 සහ 10 මදුරු මර්දන තෙදිනක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ඩෙංගු අවදානම හමුවේ ජුනි 8, 9 සහ 10 මදුරු මර්දන තෙදිනක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ඩෙංගු ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග පාලනය කිරීමේ අරමුණින් ජුනි මස 8, 9 සහ 10 යන දින තුන ජාතික මදුරු මර්දන තෙදිනක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම දින තුන තුළ ජනතාව මදුරු මර්දනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම, මදුරු බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සහ ප්‍රජා මට්ටමේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media