බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
එම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
සෙසු පළාත්වලද පස්වරු 1.00න් පසුව තද වැසි ඇති වීමේ හැකියාව පවතින අතර, දිවයිනට නැගෙනහිර දිසාවෙන් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර, එම බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.











Leave a Reply