කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක සහ පළාත් රැසක් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ දැක්වේ.
උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.











Leave a Reply