නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ ප්‍රබල සුළං – මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් ගැන අනතුරු ඇඟවීමක්

නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ ප්‍රබල සුළං – මි.මී. 100 ඉක්මවූ වර්ෂාපතනයක් ගැන අනතුරු ඇඟවීමක්

අද (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් වේ.

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එමෙන්ම දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමා යා හැකි බවත් සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media