පස්වරු 1න් පසු දිවයින පුරා වැසි – ඇතැම් ප්‍රදේශවලට තද වැසි අනතුරු ඇඟවීමක්!

පස්වරු 1න් පසු දිවයින පුරා වැසි – ඇතැම් ප්‍රදේශවලට තද වැසි අනතුරු ඇඟවීමක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් සබරගමුව, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media