පස්වරු 2ට පසු ගිගුරුම් සහිත වැසි… ප්‍රදේශ කිහිපයකට තද වැසි අවදානමක්

පස්වරු 2ට පසු ගිගුරුම් සහිත වැසි… ප්‍රදේශ කිහිපයකට තද වැසි අවදානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දහවල් 2.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ තද වැසිද ඇති විය හැකි බව සඳහන් වේ.

එසේම නැගෙනහිර පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව ද දැනුම් දේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media