,

කප්පම් නඩුවේ ප්‍රසන්න රණතුංගට මිලියන 25ක දඩයක්

කප්පම් නඩුවේ ප්‍රසන්න රණතුංගට මිලියන 25ක දඩයක්

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු බස්නාහිර පළාත් මහ ඇමැතිවරයෙකු වන ප්‍රසන්න රණතුංගට රුපියල් මිලියන 25ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය සඳහන් කළේ, අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන් බවයි.

2015 අප්‍රේල් 10 වැනිදා මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් මිලියන 15ක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.

මෙම සිද්ධියට අදාලව 2022 ජූනි 06 වැනිදා ප්‍රසන්න රණතුංග වරදකරු බවට තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, ඔහුට වසර 2ක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවා තිබුණි.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවීමට ද නියෝග කර තිබුණි.

නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ ඔහුගේ බිරිඳ නිදහස් කර ඇති අතර, තෙවන විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු නොමැතිව නඩුව විභාග කර ඇත.

අභියාචනාධිකරණය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දඩ හා වන්දි මුදල් ගෙවීමට කාලය ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින් අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාගැනීමෙන් නඩු ක්‍රියාවලිය අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media