පස්වරු 2න් පසු වැසි තත්ත්වය වැඩිවේ – කාලගුණයෙන් අවවාදයක්

පස්වරු 2න් පසු වැසි තත්ත්වය වැඩිවේ – කාලගුණයෙන් අවවාදයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(27) පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

කාලගුණ නිවේදනයට අනුව මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media