බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (20) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වාත් වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා පිහිටි සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං හමා යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ද දැනුම් දී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු හා තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.











Leave a Reply