බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික විදුහලේ සිසුන්ට කථික හා චිත්‍ර තරඟ තිළිණ

බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික විදුහලේ සිසුන්ට කථික හා චිත්‍ර තරඟ තිළිණ

ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික විදුහලේ සිසු-සිසුවියන්ගේ කථිකත්වය හා චිත්‍රන හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගම්පහ දෙවන ශාඛාව විසින් සංවිධානය කළ කථික තරඟයක් සහ චිත්‍ර තරඟයක් සාර්ථකව පැවැත්වුණි.

පසුගිය ජූනි 4 වනදා එම විදුහලේ ශ්‍රවණාගාරයේදී ජයග්‍රාහක සිසුන්ට තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානය සිදුකෙරිණි.

කථික තරඟයේදී ප්‍රථම, දෙවන සහ තෙවැනි ස්ථාන පත් වූයේ දහමි සනායා, ගිත්මි සෙනුල්යා සහ සොනාධි ලවන්යා යන සිසුවියන් තිදෙනාය. චිත්‍ර තරඟයෙන් ජයගත් සිසුන් 10 දෙනෙකුටද තිළිණ පිරිනමන ලදී.

මෙම තරඟයන් සංවිධානය වුණේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිහාල් සේනාධීර මහතා සහ ගම්පහ ශාඛා කළමනාකරු ඉලංග නන්ද කුමාර මහතාගේ මඟ පෙන්වීම යටතේ බැංකු කාර්ය මණ්ඩලය විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media