,

බියගම ප්‍රාදේශීය සභා වත්මන් හා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරයට

බියගම ප්‍රාදේශීය සභා වත්මන් හා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරයට

පුද්ගලයෙකුගේ හිසට ගිනි අවියක් තබා මරණ බවට තර්ජනය කර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බියගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ වත්මන් මන්ත්‍රීවරයෙකු, හිටපු මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනකු මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් දේශාල් පෝල් මහතා නියෝග කර ඇත.

ඒ අනුව බියගම ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රී සුබාශන ප්‍රභාත්, එම පක්ෂයේ හිටපු මන්ත්‍රී සුජිත් හර්ෂණ සහ ප්‍රසාද් ප්‍රසන්න, අමිල කසුන් යන සිව්දෙනා ඊයේ (14) පස්වරුවේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් මාකොළ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉකුත් 13 වැනිදා පස්වරුවේ මාකොළ රන්කෙත්යාය ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහර පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media