බිරිඳට පහර දීම, දරුවාට කෲර ලෙස හැසිරීම – සැමියාට මහර උසාවියෙන් දැඩි අවවාද

බිරිඳට පහර දීම, දරුවාට කෲර ලෙස හැසිරීම – සැමියාට මහර උසාවියෙන් දැඩි අවවාද

කිරිබත්ගොඩ, නුවර පාර ප්‍රදේශයේ පදිංචි සැමියකු තම බිරිඳට පහර දීම, බැන තර්ජනය කිරීම, අනර්ථයක් සිදු කිරීම, සහ අවුරුදු 7ක් වයසැති දරුවාට කෲර ලෙස හැසිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වුණේ මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඉදිරියෙන්ය.

එම අධිකරණය විසින් සැකකාර සැමියා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළ අතර, සෑම මාසයකම අවසන් ඉරුදින පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා කිරිබත්ගොඩ පොලිසියට වාර්තා කිරීමේ නියෝගයක්ද ලබා දී ඇත.

එමෙන්ම, පැමිණිල්ලට බලපෑම් නොකරන ලෙසටත් සැමියාට දැඩි අවවාදයක්ද නිකුත් කරන ලදී.

මෙම නඩුව සම්බන්ධව කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රත්නායක (90071) මහතා, සහ නිලධාරීන් වන කුලසිංහ (10789), අලුත්ගේ (100478) යන අය විසින් කරුණු අධිකරණයට ඉදිරිපත් කළහ.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ බස්නාහිර පළාත උතුරු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමුකළ පැමිණිල්ලක් මතය.

පරීක්ෂණ අනුව, සැකකාර සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත්, මත්කුඩු සඳහා මුදල් ලබා නොදුන් විට බිරිඳට පහර දෙන බවත්, කෑම සඳහා තිබූ මුදල්ද රැගෙන යන බවත් බිරිඳ කියා සිටියාය. තවද, දරුවා පාසල් යැවීම හා උගන්වීම වළක්වන්නැයි සැමියා පැවසූ බව ද වාර්තා විය.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 7 වැනිදාට කල් දැමුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media