මාධ්‍යවේදින්ට පහර — ගම්පහ මාධ්‍ය සංවිධානයෙන් දැඩි විරෝධය

මාධ්‍යවේදින්ට පහර — ගම්පහ මාධ්‍ය සංවිධානයෙන් දැඩි විරෝධය

රිදි මාලියද්දේ සහ පොල්පිතිගම ප්‍රදේශවල මාධ්‍යවේදින් දෙදෙනෙකුට එල්ල වූ පහරදිමට විරෝධය පළකරමින් ගම්පහ මාධ්‍ය සංවිධානය අද (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී සභාපති ප්‍රියංකර හෙට්ටිආරච්චි, ලේකම් ලාල් එස්. කුමාර, සහ කාරක සභිකයන් ප්‍රියපේම මාණික්කරත්න සහ ඉන්දික තුෂාර අදහස් දැක්වූහ.

ඔවුන් අවධාරණය කළේ, පොලිස්පතිවරයා වහා ක්‍රියාත්මක වී මේ සම්බන්ධ මැරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. තවද, මාධ්‍යවේදීන්ට පහර දීමේ තරම් දැව ජාවාරම්කරුවන් බලවත් වී ඇත්තේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media