මිනුවන්ගොඩ–හීනටියන හෙරොයින් ජාවාරම බිඳ වැටේ — 19 හැවිරිදි තරුණයෙකු STF අත්අඩංගුවට

මිනුවන්ගොඩ–හීනටියන හෙරොයින් ජාවාරම බිඳ වැටේ — 19 හැවිරිදි තරුණයෙකු STF අත්අඩංගුවට

මිනුවන්ගොඩ සහ කටුනායක ප්‍රදේශවල හෙරොයින් ජාවාරමක නිරත බවට සැක කරන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ගෝනහේන කඳවුරේ සංවිධානාත්මක අපරාධ මර්ධන කණ්ඩායම් 11 ක විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුව 2025.11.23 දින හීනටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් වන්නේ වයස අවුරුදු 19ක් වන තරුණයෙකි. ඔහුගේ සන්තකයේ තිබූ:

  • හෙරොයින් ග්‍රෑම් 117.700ක් (117g 700mg)

සොයා ගත් බව පොලිස් බලධාරීන් පවසයි.

සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක පොලිස් ස්ථානයට භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media